Monday, April 18, 2011

SL Police

ඔන්න ලෝකේ විවිධ රටවල පොලීසි වල දක්ෂතා මැන බලන තරඟයක් තිබ්බලු. මේකට අපේ රටේ පොලීසියත් ඉදිරිපත් උනා. තරගයේදි තිබ්බෙ කැලයකට හාවෙක් නිදහස් කරල ඒ හාවව හොයාගන්න එක් එක් කණ්ඩායමට ගත්වන කාලය බැලීමලු.
මුලින්ම තරගයට ඉදිරිපත් වුනේ ඇමරිකන් පොලීසිය. ඔන්න ඉතින් හාව මුදා හැරියලු කැලේට. ඇමරිකන් කාරයො මුලු කැලේටම බෝම්බ දාල flat කරල දාල ඇවිත් කිව්වලු, "හාව හොයා ගන්න බැරි වුනා. නමුත් අපි මුලු ප්‍රදේශයටම ගුවන් ප්‍රහාර එල්ල කරල තර්ජනය මැඩපැවැත්වුවා" කියල. තර‍ඟෙ තියෙන්නේ හාව අල්ලන්න මිසක් විනාශ කරන්න කියල නෙවෙයිනෙ. ඇමරිකාව Out.
ඊට පස්සෙ ආවෙ බ්‍රිතාන්‍ය පොලීසිය. ඒ ගොල්ලො හාවගෙ DNA analyze කරල Scotland Yard එකෙත් සහයෝගය ඇතිව මෙහෙයුම පටන් ගත්තා. හාව නෙවෙයි හොයා ගන්න පුලුවන් වුනේ. අන්තිමට ඇවිත් කිව්වා," මෙම DNA වලට සමරූපි DNA සහිත කිසිදු සත්වයෙක් මේ කැලයේ මේ මොහොතේ නැත". UK පොලීසියත් තර‍ඟෙන් Out.
වීරප්පන් එහෙම අල්ලපු ඉන්දියානු පොලීසියටත් හාවගෙ මයිල් ගහක්වත් අල්ල ගන්න පුලුවන් වුනේ නෑ.
ඊශ්‍රාලය, මොසාඩ් ඔත්තු සේවෙ උදවු අරගෙන කැලේ ඉන්න තමන්ගෙ ඔත්තුකාරයොගෙනුත් තොරතුරු අරන් ගේමට බැස්සා. ඒ ගොල්ලන්ටත් අමුතු දෙයක් කරන්න බැරි වුනා.
චීනය, ජර්මනිය, ප්‍රංශය, රුසියාව ආදී කිසිම රටකට නියමිත ඉලක්කය වූ හාවා හොයා ගන්න වුනේ නෑ.
තරගාවලියෙ අන්තිම තරඟකරු වුනේ අපේ රටේ පොලීසිය. ඔන්න බැටන් පොලු දෙකක් විතරක් අරගෙන අපේ රාලහාමිල දෙන්නෙක් කැලේට රිංගුවා. ටික වෙලාවකින් කැලේ ඇතුලෙන් "දඩාං බඩාං" ගාල සද්ද බද්ද ඇහෙනවා. මෙන්න තවත් ටිකකින් අපේ රාලාමිල දෙන්න තඩි වලහෙක් දණ්ඩකට තියල බැඳල කරේ තියාගෙන බැටන් පොල්ලෙන් තල තල එනව. වලහත් දහ අතේ රාලහාමිල දෙන්නට වදිමින් මෙහෙම කෑ මොර දෙනව,

"අනේ බුදු රාලහාමි ගහන්න නම් එපා....මම තමයි හාව....මම තමයි හාවා"

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...