Sunday, April 10, 2011

බල්ල මැරුණ හැටි

දිගු කාලයක් විදෙස් ගතව අධ්‍යාපනය ලැබූ මනිදු නැවත සිය රට බලා පැමිණෙන මොහොතේ ඔහු පිලිගෙන ඔහුව නිවසට එක්කර ගෙන යාමට පවුලේ හැමෝම වාගේ ක‍ටුනායක ගුවන්තො‍ටුපලට පැමිණ සිටියහ.
පවුලේ සමූහයා සමගම නැවත නිවස බලා යන අතරතුර ඔහු නිවස නැති සමයේ සිදුවූ දෑ දැන ගැනීමේ මහත් ආශාවෙන් ඔහු සැමගෙන් ප්‍රශ්න අසන්නට විය.
නිවසේ සුරතලා වූ බෙයා නැමති බල්ලා ඔහු විසින්ම නිවසට ‍රැගෙන විත් මහත් ආදරයෙන් ‍රැක බලා ගත් සත්වයෙක් විය. පලමුව ඔහු විමසුවේ ඌ ගැනය,
"මල්ලී, බෙයා සනීපෙන් ඉන්නවද?"
"අය්යේ බෙයා වහලෙන් වැටිල මැරුනා" පවුලේ බාලයා ලබා දුන් අනපේක්ෂිත ක්ෂණික උත්තරයෙන් ඔහුගේ මුලු ලෝකයම කඩා වැ‍ටුනා බඳු විය. කදුලු පිරි දෙනයනින් මොහොතක් නිහඩව සිටි ඔහු මල්ලීව ඇමතීය,
"මල්ලී, එහෙම දුක හිතෙන ආරංචි එක පාරටම දඩස් ගාල කියන සිරිතක් නෑ.එතකොට දුක වැඩියි. ඔයට ඒක ඊට වඩා වෙනස් විදියකට කියන්න තිබ්බ්නෙ. ඔයාට කියන්න තිබ්බ, අනේ අයියේ බෙයා වහලට නැග්ගා. අපි ඔක්කොම එකතු වලා ඌව බස්සගන්න full try එකක් දුන්නා. ඒත් ඌව බස්සගන්න බැරි වුනා. අන්තිමට ඌ කෑම නැතිව ඉදල ඉදල හොදටම කෙට්‍ටු වෙලා දුර්වල වෙලා වහලෙන් වැ‍ටුනා. අපි ඌව පුලුවන් ඉක්මනට ඉස්පිරිතාලෙට එක්කගෙන ගියා. ඒත් වැඩක් වුනේ නෑ. ඌ මලා.....කියල, එහෙම වුනාම ආරංචියෙ සැර අඩුවෙලා දුක අඩුවෙනවනෙ" මනිදු සිය කුඩා මල්ලීට තේරුම් කර දුන්නේය.
ටිකක් වේලා අනං මනං කතා කරමින් ගිය මනිදු, තමන් කුඩා කල සිට මහත් ආදරයෙන් ‍රැක බලා ගත් ආච්චී ගැන මල්ලීගෙන් විමසීය,
"මල්ලී ලඟදී ආච්චි බලන්න ගියාද?...ආච්චී සනීපෙන් ඉන්නවද?"

"අනේ අයියේ ආච්චි වහලට නැග්ගා"

2 comments:

Related Posts Plugin for WordPress, Blogger...