Saturday, April 2, 2011

කලු බැටලුවා

                                                              එකෝමත් එක කාලෙකදි අප්‍රිකාවෙ පලාතක නීග්‍රෝ ජනතාව වෙසෙන ගමක් තිබ්බා. මේ ගමේ යුවලකට දරුවෙක් උපන්නා. වැඩේ කියන්නෙ අලුත උපන් පැටියා සුදුම සුදුයි. නිග්‍රෝ තාත්තට මළ පැනල. යකෝ කට්ට කලු මට දාව කලුම කලු මේ ගෑනිට සුදුම සුදු දරුවෙක් උපදින්නෙ කොහොමද? වටේ පිටේ මිනිස්සුත් අනං මනං නක්කල් කතා කියන්න පටන් ගත්තා. දැන් මළ ඩබල්. කොහොමද මෙහෙම අලකලංචියක් වෙන්නෙ? ලඟ පාත area එකටම සුද්දෙකුට ඉන්නෙ මිෂනාරි පියතුමා විතරයි. කල්පනා කරල, කල්පනා කරල අන්තිමේදි මිනිහා දුම්මල වරම අතේ තියන් ගියා පියතුමා හම්බවෙන්න. මිනිහා අ‍ටුවා ටීකා ටිප්පනි නැතිව කෙලින්ම ගේමට බැස්සා,
" father මගේ ගෑනිට හම්බ වෙලා තියෙන්නෙ සුදුම සුදු කොල්ලෙක්. මේ අහල ගම් හතකට සුද්දෙකුට ඉන්නෙ Father විතරයි. නිකං බබා උක්කුං නැතිව මට ඇත්ත කියනව හොදයි!!!!!....කොහොමද මෙහෙම වුනේ?"
Father නෙවෙයි කලබල වුනේ. උන්නාන්සේ අර නීග්‍රෝ ජාතිකයට මෙහෙම කිව්වා,
" මේ ඇත්තො කලබල ගන්න කාරි නෑ. ස්වභාවධර්මයා ඉදල හිටල මේවගේ අරුම පුදුම දේවල් කරනවා...විශ්වාස නෑ නේද? එන්න මං පෙන්නන්න" කියල මේ නීග්‍රෝ මනුස්සයව එක්කර ගෙන පල්ලිය පිටි පස්සෙ තණ පිට්ටෙනියට ගියා. එතන සුදුම සුදු බැටලු රෑනක් තණ කනවා. ඔය අතරෙ ඉන්නව එක කලු බැටලුවෙක්. මේ කලු බැටලුව පෙන්නපු පියතුමා මෙහෙම කිව්වා,
" බලන්න...අර සුදුම සුදු බැටලු රෑනට කලු බැටලුවෙක් උපන්නේ කොහොමද? ස්වභාවධර්මයේ නියමයන් අනුව ඔහොම අහඹු දේවල් සිද්ධ වෙනවා."
ඔය scene එක දැක්කා ගමන් මෙච්චර වෙලා ගේම ඉල්ලපු කලුවා full upset ගහල වෙවුලන්න පටන් ගත්තා. මිනිහා වෙවුල වෙවුල fatherට මෙහෙම කිව්වා,

"father... අනේ ප්ලීස්...මම මගේ ගෑනිගේ වැඩේ අමතක කරල දාන්නම්...father ඔය කතාව එහෙම තව කාටවත් කියන්න එපා"

2 comments:

  1. ela kathawa amdoo :p

    ccs

    ReplyDelete
  2. දිගටම ලියපන් මචෝ එලස්

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...