Sunday, April 3, 2011

අවසන් ගෞරවය

පෙරේරා හා සොයිසා ගොල්ෆ් ගසන්නට පිටත් වූහ. සියලු කටයුතු සූදානම් කර පන්දුවට පහර දීමට ඔන්න මෙන්න කියා තිබියදී අසල පාරකින් අවමංගල්‍ය පෙරහැරක් මතුවිය. වහාම ගොල්ෆ් ගැසීම නැවත්වූ පෙරේරා සිය හිස් වැස්මද ඉවත්කර එකත්පසව හිද පිටිය පසුකරගෙන යන දේහයට ගෞරව දැක්වීය. පෙරහැර නොපෙනී ගිය පසු නැවත ඔහු හිස් වැස්ම පලදා ක්‍රීඩ කිරීමට සූදානම් විය.
"තමුසෙනම් මාර උත්තම පුරුෂයෙක් මචං. මට උඹ ගැන ආඩම්බරයි. පාරෙ යන අදුරන්නෙවත් නැති අවමංගල්‍ය පෙරහැරකටත් තමුසෙ උපරිම ග්‍රෞරවය දැක්වුවානෙ" මෙය බලා සිටි සොයිසා කීවේය.
පන්දුවට වැරෙන් පහරක් එල්ල කරන ගමන් පෙරේරා පිලිතුරු දුන්නේය
"මොනව වුනත් අවුරුදු තිහක් එකට ජීවත් වුනානෙ මචං"

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...