Thursday, November 17, 2011

ඉබ්බා


ඔන්න, එකෝමත් එක කාලෙක, සිංහයෙක් කැලේ පාලනය කලාලු.  ඉතින් මේ සිංහයාත් නිකන් අපේ රටේ විධායක ජනාධිපති කෙනෙක් වගේ. ඌට හිතෙන හිතෙන විදිහට නීති දාගෙන තමා කැළෑවැසියන්ව පාලනය කලේ. 

ඔහොම කාලයක්යද්දී මේ සිංහ රජා මුළුකැළෑවැසියන් ඔක්කොම රැස් කරලා දැම්ම අලුත් නීතියක්, 
හැම සතෙක්ම රාජ සභාව ඉස්සරහට ඇවිල්ල කියන්න ඕනි හිනායනකතාවක්. සභාවේ ඉන්න එක සතෙකුට හරි හිනා යන්නේනැත්තම්, සිංහයා පැනල ඌව මරාගෙන කනවා (හරියට අර ලඟදි ගෙනාපු ඌණ සංවර්ධන පනත වගේ. ලාභ නොලැබුවොත් රජයට පවර ගන්නව). 

ඔන්න ඉතින්මුලින්ම ආවේ වඳුරාගේ වාරේ. වඳුරත් ඉස්සරහට ඇවිල්ල කරනම් ගහල නැට්ට කරකොවල සිරා ජෝක් එකක් දැම්මලු. මුළු සභාවම හිනාවෙන්න පටන් ගත්තලු. එත් ඉබ්බා ඉන්නවලු පුක්මූනක් දාගෙන. කරන්න දෙයක් නෑ නීතිය නිතියමයි සිංහය පැනල වඳුරව මරාගෙන කෑව. 

ඊළඟ වාරේ හාවාගේ, හාවත්ඇවිල්ල කන් පාත් කරලා බල්ටි ගහල සිරා ජෝක් එකක් දැම්ම. කලින් වගේමයි, ඔක්කොම හිනා වෙනව ඉබ්බා පුක් මුණදාගෙන ඉන්නව. හාවාවත් ඉතින් මරාගෙන කෑව. 

ඊළඟ වාරේකොටියගෙ කොටිය ඉස්සරහට ඇවිල්ල කට අරින්න හැදුවවිතරයි, මෙන්න ඉබ්බා පෙරලි පෙරලි පොලවේ පස් කකා හිනාවෙන්න ගත්ත. මේක දැක්ක සිංහයා ෆුල් අබ්ලික් වෙලා අහනවා,මොකද යකෝ තෝ විහිලුවටත් කලින් හිනා වෙන්නේ? 
ඉබ්බාකිව්වලු  
මරු ඕයි වඳුරාගේ ජෝක් එක”.

බලද්දී ඉබ්බා ටියුබ්ලයිට්.
Related Posts Plugin for WordPress, Blogger...