Tuesday, November 15, 2011

බේබද්දෝ


ඔන්න දවසක් පොරවල් දෙකක් නස්තාර් වෙන්න බොනව. හරියට හෙට රටේ අරක්කු තහනම් කරයි කියල හිතල වගේ. දෙන්නම කන් ඈත් කරගෙන bar එකෙන් එලියට බහිද්දී එකිනෙකා මුණ ගැහුනා. ආගිය කතා කතා කර කර හොදටම fit උන ඩබල දැන් ඔන්න එකිනෙකා බදාගෙන පාර දිගේ කබරය ඇර ඇර තම තමන්ගෙ ගෙවල් හොයා ගෙන එනව. ඔහොම ගිහින් දෙන්න ගෙයක් ලඟ නතර වුනා. එතන ඉදන් දෙන්නගෙ සංවාදෙ මෙහෙමයි;

1 මිත්‍රයා- OK මචෝ මම යනවා good night....see you
2 මිත්‍රයා-උඹටනම් හොදටම වැඩියි වගේ....උඹ කොහේ යන්නද? ඔය මගේ ගේ!
1 මිත්‍රයා-පික්ෂුද අයිසෙ...? මේ මගේ ගෙදර
2 මිත්‍රයා- පිස්සු මට නෙවෙයි ඔයාට..මේ මගේ ගේ. කොහොමද උඹ මේ උඹේ ගේ කියල ඔප්පු කරන්නෙ?
1 මිත්‍රයා- අයිසේ මේ ගෙදර ඉන්නෙ මගේ wife. එතනින් ගියාම මගේ පුතා...අපි තුන් දෙනා තමා මේකෙ ඉන්නෙ
2 මිත්‍රයා- තමුසෙට පයිත්තියන්. මේ ගෙදර ඉන්නෙ මමයි, අම්මයි, තාත්තයි.!!!
1 මිත්‍රයා-අපි මෙතන වාද කර කර ඉන්න ඕන නෑ. ගෙදරට තට්‍ටු කරලම....සොරි මචෝ බෙල් එක ගහලම බලමු උඹද මමද හරි කියල

ඔන්න ඩබලම ගිහින් බෙල් එක ගැහුවා. නෝන කෙනෙක් ඇවිත් දොර ඇරියා;

"අනේ අනේ!!!! ලැජ්ජ නැති කමට අද තාත්තයි පුතයි දෙන්නම එකට බීල නේද?"

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...