Thursday, December 26, 2013

"පතිරාජ ඇණ"



රස්සාවයි බ්ලොග් ලිවිල්ලයි දෙකම එකට කරන්න අමාරුයි. කොහොම වෙතත් නිවාඩු නත්තල් දවසෙ post එකක් දාන්න කියල හිතුවා. මේක කිසිම ආකාරයකින් කිසිම ආගමකට කරන නිග්‍රහයක් කියල හිතන්න එපා. නිකම්ම නිකං කතාවක්. 

********************************************************************************

ඔන්න ගමක හිටියා පතිරාජ කියල මනුස්සයෙක්.. මෑන්ට සුභ දසාව ලබල ලොකු ලොත‍රැයි දිනුමක් ඇදුනා. දැන් ඉතින මේක ආයෝජනය කරන්නත් ඕනනෙ. මිනිහ හිතුව ඇණ කම්හලක් පටන් ගන්න. කම්හලට දැම්මෙත් මිනිහගෙ නම! "පතිරාජ ඇණ"..!!! කොහොමද kick එක. කොහොමින් කොහොම හරි ඇණ කම්හලත් පටන් අරන ටික දවසක් යද්දී පතිරාජට තේරුනා හරි හමන් ප්‍රචාරණයක් නැතිව අලවිය ඉහල අගයක පවත්ව ගන්න බැරි බව. ඒක නිසා පතිරාජ නම ගිය advertising company එකකට "පතිරාජ ඇණ"  hit  කරන්න බාර  දුන්නා. company  එකෙන් කිව්ව හෙට පත්තරේට අපි පලවෙනි ad එක දානව, බලන්නකො බිස්නස් නැගල යන හැටි කියල.

ඔන්න පහුවෙනිද උදේ. පතිරාජ උදෙන්ම නැගිටල කම්හල දිහාට ඇවිදගෙන යනව. ඒක බහුආගමික ගමක්. මෑන්ට පාර දිගේ හම්බවෙන ක‍තෝලික මිනිස්සු මිනිහට ගේම call කරනව. වෙන දේ ගැන නිච්චියක් නැතිව ජාමෙ බේර ගෙන කම්හල ලඟට ආව කියමුකො, එතන මහ දැවැන්ත් උද්ඝෝෂණයක්..! පලාතෙම කතොලික ජනතාව උද්ඝෝෂණයෙ. පාදිලිතුමා මල පැන ගෙන පතිරාජ ලඟට ඇවිත් හොදටම දෙහි කැපුවා.
" මොනවද මනුස්සයො අර පත්තරේ දාල තියෙන ad එක. මිනිස්සු හොදටම කේන්ති අරගෙන. මටත් ඌරු ජුවල් මිනිහෝ..! වහාම ඒ ad එක නිවැරදි කරනව හොඳයි, නැත්නම් මේ මිනිස්සු කම්හල ගිනි තියන්න තරම් කේන්තියෙන් ඉන්නෙ"
"අම්මට හුඩු..! ad එක.." පතිරාජට මතක් වුනා. හනිකට පත්තරයෙක් ගෙනත් ad එක බලපු ගමන් මිනිහට නිකන් කලන්තෙ වගේ. 

ad එකේ ජේසුතුමා කුරුසෙ ඇන ගහල තියෙනව
ඒක පහලින්..... "පතිරාජ ඇණ..! ගැහැව්වොත් ගැහැව්වමයි! "  කියල තියෙනවා.

යකෝ මේකට මේ මිනිස්සුන්ට කේන්ති නොගියොත්නෙ පුදුමෙ. පතිරාජ පාදිලිතුමාගෙන් සමාව අරන් දැන්වීම වහාම නිවේරදි කරන බවට පොරොන්දු වුනා. පාදිලිතුමත් ඒ පොරොන්දුව පිට අර උද්ඝෝෂකයො ටිකත් මෙල්ල කරගෙන යන්න ගියා.

පතිරාජ අනෙක් පැත්තට අර advertising company එකට කතා තරල බැන ගෙන බැන ගෙන ගියා.
"සර් කලබල වෙන්න එපා. අපි හෙට පත්තරේ ඕක නිවැරදි කරන ad එක දාමු". company එකෙන් එහෙම කිව්වා

ඊලඟ දවසෙ උදෙන්ම පතිරාජ කම්හල පැත්තට යද්දි මිනිහ දකිනව ලොකු දුමක්! දුවල දුවල යද්දි කම්හල සම්පූර්ණයෙන්ම ගිනි තියල. මොකක් හරි ලොකු වැරදීමක් වෙලා තියෙන බව මිනිහට තේරුනා. මෑන් දුවල ගිහින් කඩේකින් පත්තරයක් අරන් බලද්දී දැක්ක ad එකෙන් මුලු පලාතම කලුවර වේගෙන යනව වගේ මිනිහට තේරුනා.

ඇඩ් එකේ කුරුසය තියෙනවා. ජේසුතුමා නෑ. ජේසුතුමා පැනල යනවා..!!!!
ඊට යටින් මෙහෙම තියෙනව..

"ඕකනෙ කියන්නෙ..! පතිරාජ ඇණ ගැහුවනම් ඔහොම වෙන්නෙ නෑනෙ"

Tuesday, July 16, 2013

දීමනාව

ජයදේව සිය බිරිඳ හා දරුවන් සිවුදෙනා සමග ඉතා අමාරුවෙන් රෝල ගසා ගෙන ජීවත් වන කාලයකි. ඔහුගේ වැ‍ටුපෙන් ගෙදර කටවල් 5ක් පිරවීම අතිකර දුශකර කාර්යයක්ව තිබුණි. මේ අතරෙ දිනක් ප්‍රවෘත්ති විකාශයට සවන් යොමා ගෙන සිටි ඔහුට ජීවන බර හෑල්ලු කිරීමට අලුත් මඟක් පෑදෙමින් තිබෙන බව වැටහුණි.
එහි කියවුනේ රටේ ජනගහනය දිනෙන් දින අඩුවන නිසා දරු  උපත් සංඛ්‍යව වැඩිකර ගැනීමේ උපක්‍රමයක් ලෙස දරුවන් 5 හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සිටින පවුල් වලට රජයෙන් මසකට රුපියල් ලක්ෂ 2 ක දීමනාවක් ලබා දෙන බවකි. මෙය ඇසූ සැනින් ජයදේවගේ සිත වේගයෙන් ක්‍රියාකිරීමට පටන් ගත්තේය. කාලයක් ඔහු හා අනියම් සබඳතාවක් පැවැත්වූ පිටිසර ගමක් කාන්තාවකට ඔහුට දාව දරුවෙක් සිටින බව ඔහු දත්තේය. පවුල් ජීවිතය ‍රැක ගැනීමට හා තදබල ආර්ථික ප්‍රශ්න නිසා ඇයට පොල්ල තබා නගරයට වී සිටින ජයදේවට කුමක් හෝ උප්පරවැට්ටියක් යොදා එම දරුවාද සිය නිවසට ගෙන්වා ගෙන තමන් දරුවන් 5 ක් සිටින පියෙක් බව රජයේ නිලධාරීන්ට පෙන්වුවහොත් මෙම දීමනාවට අයිතිවාසිකම් කිව හැකි බව සු‍ටුස් ගා මීටර් විය.
ඊලඟ ගැටලුව වූයේ සිය අතීත සල්ලාල ජීවිතය ගැන සිය බිරිඳට පැවසිමට සිදුවීමයි. දින දින කල් යත්ම සිය ආත්ම ගරුත්වයට ඉහලින් ආර්ථික ප්‍රශ්න රජ කරන්නට වූ විට කල් යල් බල ජයදේව සිය හිතේ කැකෑරෙමින් තිබූ යෝජනාව බිරිඳට ඉදිරිපත් කලේය.

"හ්ම්ම්ම්ම්.......ඒ කියන්නෙ තමුසෙ ඒ කලෙ හොඳ හොඳ සෙල්ලං නටල තියෙනව වගේ..!!!! කමක් නෑ.. කමක් නෑ... ගිහින් ඒකව අරන් ඇවිත් හරි මේ දීමනාව ගන්න බලමු"

බිරිඳගේ වාග් ප්‍රහාරය ඔහු හිතූ තරම් දරුණු වූයේ නැත. ඇගේ අවසරය ලද සැනින් ජයදේව සිය පරණ catch එක සොයා ඉගිල්ලුනේය. එහි ගොස් ඇයට චා‍ටු බස් කියා තව තව දේවල්ද කර ගත් ඔහු පහුවනදා පාන්දරින්ම දරුවා ‍රැගෙන නිවස කරා පැමිණියේය.
ජයදේව පැමිනෙද්දී මුලු නිවසම පාලුවට ගොස් තිබිණි. බිරිඳ කාමරයට වී නගුලෙන් මිදි ගොන් නැම්බියක සේ මලානිකව වැතිර සිටියාය.

"මොකද මේ???? කෝ දරුවො???" ජයදේව කලබලයෙන් ප්‍රශ්න කලේය.



"දරුවො??? තමුසෙ හිතන් ඉන්නෙ මේ රටේ ප්‍රවෘත්ති අහන්නෙ තමුසෙ විතරයි කියලද???"
Related Posts Plugin for WordPress, Blogger...