Thursday, December 26, 2013

"පතිරාජ ඇණ"



රස්සාවයි බ්ලොග් ලිවිල්ලයි දෙකම එකට කරන්න අමාරුයි. කොහොම වෙතත් නිවාඩු නත්තල් දවසෙ post එකක් දාන්න කියල හිතුවා. මේක කිසිම ආකාරයකින් කිසිම ආගමකට කරන නිග්‍රහයක් කියල හිතන්න එපා. නිකම්ම නිකං කතාවක්. 

********************************************************************************

ඔන්න ගමක හිටියා පතිරාජ කියල මනුස්සයෙක්.. මෑන්ට සුභ දසාව ලබල ලොකු ලොත‍රැයි දිනුමක් ඇදුනා. දැන් ඉතින මේක ආයෝජනය කරන්නත් ඕනනෙ. මිනිහ හිතුව ඇණ කම්හලක් පටන් ගන්න. කම්හලට දැම්මෙත් මිනිහගෙ නම! "පතිරාජ ඇණ"..!!! කොහොමද kick එක. කොහොමින් කොහොම හරි ඇණ කම්හලත් පටන් අරන ටික දවසක් යද්දී පතිරාජට තේරුනා හරි හමන් ප්‍රචාරණයක් නැතිව අලවිය ඉහල අගයක පවත්ව ගන්න බැරි බව. ඒක නිසා පතිරාජ නම ගිය advertising company එකකට "පතිරාජ ඇණ"  hit  කරන්න බාර  දුන්නා. company  එකෙන් කිව්ව හෙට පත්තරේට අපි පලවෙනි ad එක දානව, බලන්නකො බිස්නස් නැගල යන හැටි කියල.

ඔන්න පහුවෙනිද උදේ. පතිරාජ උදෙන්ම නැගිටල කම්හල දිහාට ඇවිදගෙන යනව. ඒක බහුආගමික ගමක්. මෑන්ට පාර දිගේ හම්බවෙන ක‍තෝලික මිනිස්සු මිනිහට ගේම call කරනව. වෙන දේ ගැන නිච්චියක් නැතිව ජාමෙ බේර ගෙන කම්හල ලඟට ආව කියමුකො, එතන මහ දැවැන්ත් උද්ඝෝෂණයක්..! පලාතෙම කතොලික ජනතාව උද්ඝෝෂණයෙ. පාදිලිතුමා මල පැන ගෙන පතිරාජ ලඟට ඇවිත් හොදටම දෙහි කැපුවා.
" මොනවද මනුස්සයො අර පත්තරේ දාල තියෙන ad එක. මිනිස්සු හොදටම කේන්ති අරගෙන. මටත් ඌරු ජුවල් මිනිහෝ..! වහාම ඒ ad එක නිවැරදි කරනව හොඳයි, නැත්නම් මේ මිනිස්සු කම්හල ගිනි තියන්න තරම් කේන්තියෙන් ඉන්නෙ"
"අම්මට හුඩු..! ad එක.." පතිරාජට මතක් වුනා. හනිකට පත්තරයෙක් ගෙනත් ad එක බලපු ගමන් මිනිහට නිකන් කලන්තෙ වගේ. 

ad එකේ ජේසුතුමා කුරුසෙ ඇන ගහල තියෙනව
ඒක පහලින්..... "පතිරාජ ඇණ..! ගැහැව්වොත් ගැහැව්වමයි! "  කියල තියෙනවා.

යකෝ මේකට මේ මිනිස්සුන්ට කේන්ති නොගියොත්නෙ පුදුමෙ. පතිරාජ පාදිලිතුමාගෙන් සමාව අරන් දැන්වීම වහාම නිවේරදි කරන බවට පොරොන්දු වුනා. පාදිලිතුමත් ඒ පොරොන්දුව පිට අර උද්ඝෝෂකයො ටිකත් මෙල්ල කරගෙන යන්න ගියා.

පතිරාජ අනෙක් පැත්තට අර advertising company එකට කතා තරල බැන ගෙන බැන ගෙන ගියා.
"සර් කලබල වෙන්න එපා. අපි හෙට පත්තරේ ඕක නිවැරදි කරන ad එක දාමු". company එකෙන් එහෙම කිව්වා

ඊලඟ දවසෙ උදෙන්ම පතිරාජ කම්හල පැත්තට යද්දි මිනිහ දකිනව ලොකු දුමක්! දුවල දුවල යද්දි කම්හල සම්පූර්ණයෙන්ම ගිනි තියල. මොකක් හරි ලොකු වැරදීමක් වෙලා තියෙන බව මිනිහට තේරුනා. මෑන් දුවල ගිහින් කඩේකින් පත්තරයක් අරන් බලද්දී දැක්ක ad එකෙන් මුලු පලාතම කලුවර වේගෙන යනව වගේ මිනිහට තේරුනා.

ඇඩ් එකේ කුරුසය තියෙනවා. ජේසුතුමා නෑ. ජේසුතුමා පැනල යනවා..!!!!
ඊට යටින් මෙහෙම තියෙනව..

"ඕකනෙ කියන්නෙ..! පතිරාජ ඇණ ගැහුවනම් ඔහොම වෙන්නෙ නෑනෙ"

1 comment:

Related Posts Plugin for WordPress, Blogger...