Sunday, April 10, 2011

කූඩාරම

හෝම්ස් හා වොට්සන් නිවාඩුවක් ගත කිරීමට camp site එකක් කරා ගියහ. දහවල විනෝදයෙන්, ත්‍රාසජනක ක්‍රියා වල යෙදෙමින් ගත කල ඔවූහු සවස් වත්ම කදවුරු බැඳ නින්දට වැ‍ටුනහ. මහ රෑ හදිස්සියේම අවදිවූ හෝම්ස් සිය සගයා කීද්දුවේය.
"වොට්සන් මේ අහස දිහා බැලුවම ඔබට මොනවද හිතෙන්නේ?"
"ම්.......ඉතා සුන්දර දර්ශනයක්. පැය ගානක් වුනත් බලා ඉන්න පුලුවන්. බලන්න හඳ රන් තැටියක් වගේ බබලන අපූරුව. තරු රාශි සඳ වටේ පරිවාර සේනාවක් වගේ එකතු වෙලා. චමත්කාරයි"
"එහෙම නෙමෙයි වොට්සන්, ටිකක් විද්‍යාත්මකව හිතල මට උත්තර දෙන්න"
"ම්.............අද පසලොස්වක පෝයක්. මොකද හද සම්පූර්ණයෙන්ම පායලා. අර පේන්නේ දඩයක්කාරයා තරු රටාව. මහ වලසා තරු රටාව අර පැත්තෙ නිසා ඒ නැගෙනහිර වෙන්න ඕන. අර ඈත පේන්නෙ අගහරු වෙන්න ඕන. මොකද ඒක අනෙක් තරු වගේ නිවි නිවි දැල්වෙන්නේ නැතිව ඒකාකාර දීප්තියකින් තියෙන නිසා..........හොම්ස් ඔබට වෙන මොනවත් හිතෙනවද?"

"මට නම් හිතෙන්නෙ කවුරු හරි අපේ කූඩාරම ගලවගෙන ගිහින් කියල"

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...