Monday, April 18, 2011

ආදර ඇඳුම

සුමනාවතී අලුත් බැදල වෙනම පදිංචි වුන පුතාලගෙ දිහා ගියා. පුතා දවාලෙ ගෙදර නෑ. ඒත් ඉතින් ලේලි පොඩ්ඩව බලල, ගෙදර උයපු මාලු පිණි ටිකකුත් දෙන බලාපොරොත්තුවෙන් තමා නැන්දම්ම ඒ පැත්තට ගියේ.
ගිහිල්ල පුතාලගෙ ගෙදර දොර ඇරපි, මෙන්න ලේලි පොඩ්ඩ උපන් ඇදුමෙන් ඉන්නව දොර මුල්ලෙ. මේ මොකද්ද මේ හරුපෙ? නැන්දම්ම ලේලිගෙන් ඇහුවා
"නෑ අම්මෙ, සුගත් ආසයි එයා ගෙදර එන වෙලාවට මම මේ විදියට ඉන්නව දකින්න. එයා මේකට කියන්නෙ ආදර ඇඳුම කියල"
දන්නවනෙ ඉතින්, කාටත් fantasy කියල ජාති තියනවනෙ. සුගත්ගෙ fantasyය වුනේ තමන්ගෙ බිරිඳ ආදර ඇදුමෙන් දකින්න.
ලේලිට මාලු පිණි ටික දුන්න සුමනාවතී මඟ එන ගමන් මේ ගැන කල්පනා කලා. ජයපාලත් (සුගත්ගෙ තාත්ත)සමහර විට මම ආදර ඇදුමෙන් දකින්න කැමති ඇති. අද try කරල බලන්න ඕනි.
ගෙදර ගියපු සුමනාවතිත් උපන් ඇදුමට බැහල තමන්ගෙ ස්වාමිපුරුෂය වැඩ ඉවර වෙලා එනකන් බලා හිටියා,
වැඩ ඉවර වෙලා ගෙදර ආපු ජයපාල දු‍ටු දර්ශණයෙන් විලම්භීත වුනා.
"මේ මොකද හාමිනේ මේ?"
"මේ බලන්න මම ආදර ඇදුම තමයි ඇද ගෙන ඉන්නෙ. අපේ පුතා කැමතියිලු ලේලි ආදර ඇදුමෙන් ඉන්නව බලන්න. ඉතින් මම හිතුව ඔයත් මාව එහෙම දකින්න කැමති ඇති කියල, ඉතින් කියන්නකො.....ලස්සනයිද මගේ ආදර ඇදුම?"
බිරිඳගෙ ආදර ඇදුම දිහා ටිකක් වෙලා බලා හිටපු ජයපාල මෙහෙම කිව්වා,

"කෝ ඉතින් හාමිනේ ඇඳුම අයන් කරල නෑනෙ"  

1 comment:

Related Posts Plugin for WordPress, Blogger...