Thursday, April 14, 2011

චාටර් එක

එඩ්වඩ් විවාහ වූයේ පිටිසරබද පලාතක, ලැජ්ජ බය ඇතිව, දෙමාපියන්ගේ දැඩි ‍රැකවල් මැද හැදුන වැඩුන ලාබාල යුවතියක් සමගිනි. මධු සමයදා ආවේගශීලී, ප්‍රවේගවත් ඉනිමක් ක්‍රීඩා කල ඔහු පසුදා වැඩට පිටත් වීමට පෙර තම නෑඹුල් මනාලිය ඇමතුවේය.
"කොහොමද ඊයෙ මගේ වැඩ. මේ ලෝකෙන්ම මට විතරයි ඒ වගේ එකක් තියෙන්නෙ. ඒක නිසා මට විතරයි එහෙම සැපක් දෙන්න පුලුවන්. ඒ අතින් ඔයා වාසනාවන්තයි."
රට තොට ගැන එතරම් නොදන්නා සිය නෑඹුල් ප්‍රියම්බිකාව පිට නොයා තියා ගැනීමට ඔහු එසේ පාරම් බෑවේය.
සතියක් ගතවිය. දිනක් ඔහු වැඩ හමාර වී ගෙදර පැමිණෙන විට බිරිඳ Mood ගසා පැත්තකට වී සිටිනු දු‍ටුවේය.
"මොකද ඩාලිං ඔයා upset එකේ ඉන්නෙ"
"ඔයා මට බොරු කිව්වෙ. ඔයගෙ වගේ එකක් තියෙන්නෙ ඔයාට විතරක් නෙවෙයි. අර එහා ගෙදර සයිමන්ටත් තියෙනව"
එඩ්වඩ්ට හීන් දාඩිය දැම්මේය. තමන් නැති අතර සයිමන් වැට පැනලාවත්ද?
"ඔ...ඔයා....කොහොමද එහ්...හෙම කියන්න්න්නෙ?" ඔහු ගොත ගසමින් විමසීය.
"සයිමන් අද නාන වෙලාවෙ මම දැක්කා. ඔයා මට බොරු කිව්වා. මම තරහයි."
රට තොට ගැන එතරම් අවබෝධයක් නැති මේ ගෑනි තමා කියන ඕනෑම දෙයක් පිලිගන්නා බවට එඩ්වඩ් තුල විශ්වාසයක් විය.එම නිසා ඔහු මෙසේ කීවේය.
"හරි හරි ඩාලින්, සයිමන්ට මුලදි එහෙම එකක් තිබ්බෙ නෑ. ඒ කාලෙ මට ඒවයින් දෙකක් තිබ්බ. ඉතින් මිනිහ ඇවිත් මට පිණ්සෙන්ඩු වෙලා එකක් ඉල්ලුව. මටත් පව් කියල හිතිල මමත් ඔන්න ඔහේ එකක් දුන්න"
පිලිතුරෙන් බිරිඳ සෑහීමකට පත් වූ බවක් පෙනිනි. වැඩේ shape වූවායැයි එඩ්වඩ්ට සිතුනි.
දින කීපයක් ගතවිය. එදින එඩ්වඩ් වැඩ හමාර වී නිවසට පැමිනෙද්දී බිරිද තරහින් පුපුර සිටිනු දු‍ටුවේය.
"ඇයි සුදූ ඔයා තරහින්?" එඩ්වඩ් විමසීය.

"තමුසෙනම් මහම මහ හරකෙක්. මොකද ගොනෝ හොඳ එක සයිමන්ට දීල තමුසෙ chater එක තියා ගත්තේ?"

රහස

තම රාජ සභාවේ ඇමැත්තන් රජ බිසව හා පානා අසීමිත හිතවත්කම රජතුමාට දිරෙව්වේ නැත. ඒ අතරම ඇමති මණ්ඩලයේ බොහෝ ඇමැත්තන් රජ බිසව හා ඉතා සමීප ඇසුරක් පවත්වන බවට රජතුමාට රහස් ආරංචි මාර්ග මගින් දැන ගන්නට යෙදුනි. කතන්දරය සැක හැර දැන ගැනීමටත්, දෝහීන්ට දඩුවම් දීමටත් කල්පනා කල රජතුමා, රහසිගතව බිසවගේ යෝනි තොල් දෙකෙහි blade තල දෙකක් සවි කර මොනවත් නොදන්න බබා මෙන් සිටියේය.
එතැන් පටන් ඇමති මණ්ඩලයේ එකා එකා ක්ෂණික මරණ වලට ගොදුරු වන්නට විය. හදිසි මරණ පරීක්ෂණ වලදී කියවුනේ රහස් අවයවයේ ඇතිවූ කැපීම් තුවාල නිසා සිදුවූ අධික රුධිර වහනය නිසා මෙම මරණ සිදුවූ බවය. මරණ සිදුවන අයුරු රටට ලෝකයට අභිරහසක් විය. රහස දැන සිටියේ රජතුමා පමණි.
සතියක් ඇතුලත ලාබාලම ඇමැත්තා ඇතුලුව අනෙක් සෑම ඇමතියෙක්ම හදීසි මරණ වලට ලක්වී තිබිණි. අවසානයේ රජතුමා තමාට අවංක එකම ඇමැත්තා සොයා ගෙන තිබුණි. ඔහුගේ අවංක බව ගැන පැහැදුනු එතුමා, එම අවංක බව ඇගයීමට ඔහු වෙනුවෙන්ම රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වීය.
රාත්‍රී භෝජන සංග්‍රහයේ ආරම්භ වූ මොහොතේ පටන් ඇමති නිහඩව පසුවනු දු‍ටු රජතුමා ඒ පිලිබදව විමසීය,
"මොකද ඇමතිතුමා සද්දයක් බද්දයක් නැත්තෙ? කෝ කෝ තාම මොනවත් කාල බීලවත් නෑනෙ. මේක ඔයා වෙනුවෙන්ම පැවත්වන සාදයක්. මොකද අවුල?"

"අලේ මල්ලල් නෑ රජතුමනි, කල්ලත් බෑ. බොල්ලත් බෑ. අලේ මල්ලන් නෑ"

Sunday, April 10, 2011

කූඩාරම

හෝම්ස් හා වොට්සන් නිවාඩුවක් ගත කිරීමට camp site එකක් කරා ගියහ. දහවල විනෝදයෙන්, ත්‍රාසජනක ක්‍රියා වල යෙදෙමින් ගත කල ඔවූහු සවස් වත්ම කදවුරු බැඳ නින්දට වැ‍ටුනහ. මහ රෑ හදිස්සියේම අවදිවූ හෝම්ස් සිය සගයා කීද්දුවේය.
"වොට්සන් මේ අහස දිහා බැලුවම ඔබට මොනවද හිතෙන්නේ?"
"ම්.......ඉතා සුන්දර දර්ශනයක්. පැය ගානක් වුනත් බලා ඉන්න පුලුවන්. බලන්න හඳ රන් තැටියක් වගේ බබලන අපූරුව. තරු රාශි සඳ වටේ පරිවාර සේනාවක් වගේ එකතු වෙලා. චමත්කාරයි"
"එහෙම නෙමෙයි වොට්සන්, ටිකක් විද්‍යාත්මකව හිතල මට උත්තර දෙන්න"
"ම්.............අද පසලොස්වක පෝයක්. මොකද හද සම්පූර්ණයෙන්ම පායලා. අර පේන්නේ දඩයක්කාරයා තරු රටාව. මහ වලසා තරු රටාව අර පැත්තෙ නිසා ඒ නැගෙනහිර වෙන්න ඕන. අර ඈත පේන්නෙ අගහරු වෙන්න ඕන. මොකද ඒක අනෙක් තරු වගේ නිවි නිවි දැල්වෙන්නේ නැතිව ඒකාකාර දීප්තියකින් තියෙන නිසා..........හොම්ස් ඔබට වෙන මොනවත් හිතෙනවද?"

"මට නම් හිතෙන්නෙ කවුරු හරි අපේ කූඩාරම ගලවගෙන ගිහින් කියල"

වල්ගා තරුව

හදිස්සෙයේම තම දියණියගේ උදරය විශාල වීම සම්බන්දයේන් කලබලයට පත් වූ මව වහාම දියණිය වෛද්‍යවරයෙකු වෙත ගෙනගියාය. උදරය හොදින් පරීක්ෂා කර එහි ස්කෑන් වාර්තාවක්ද ගත් වෛදයවරයාගේ නිගමනය වුයේ දියණිය ගැබ් ගෙන ඇති බවය. මව මෙය පිලිගැනීමට කිසිසේත්ම සූදානම් වූයේ නැත,
"ඩොක්ටට පිස්සුද? මේ පුංචි කාලෙ ඉදන් අපි ඇහැක් වගේ බලා ගෙන හොද නරක කියල දීල, හොද ඉස්කෝලෙකට යවල යහපත්, චරිත්වත් විදියට හැදූ වැඩූ දුව. බදීන්න තියා affair එකක්වත් නැතිව මෙහෙම වෙන්න බෑ"
එහෙත් වෛද්‍යවරයාට තම සොයා ගැනීම ගැන සැකයක් නැත. ඇය සති 12ක ගැබක් කුස දරා සිටින ගැබිණියකි. සිද්දිය පැහැදිලි කර ගැනීමට ඔහු දුව දෙස බැලීය.
"කොහොමද අම්මේ එහෙම වෙන්නේ? මම කොල්ලෙකුගෙ අතින්වත් අල්ලල නෑ. එහෙම වෙන්න බෑ" මව ඉදිරියේ බැගෑපත් වෙමින් දියණිය පැවසුවාය. දුවගෙන්ද සිදුවූ දෙයක් පිලිබදව දැනගත නොවූ කල වෛද්‍යවරයා ජනේලය අසලට ගොස් අහස දෙස නෙත් යොමා යමක් සොයන්නට විය. විනාඩි ගණන්ක්ම මහත් උනන්දුවෙන් ඔහු හිස් අහස නිරීක්ෂණය කරමින් යමක් සොයන්නට විය. නොඉවසිලිමත්ව බලා සිටි මව අවසානයේ මේ විකාර රූපී හැසිරීම ගැන වෛද්‍යවරයාගෙන් විමසීය.
"මොකද doctor අසහ දිහා බලා ගෙන කල්පනා කරන්නේ?"

"නෑ මම බැලුවෙ වල්ගා තරුවක්වත් පායලද කියල. මීට කලින් මෙහෙම වෙච්ච වෙලාවෙනම් වල්ගාතරුවක් පායල තිබ්බ"

බල්ල මැරුණ හැටි

දිගු කාලයක් විදෙස් ගතව අධ්‍යාපනය ලැබූ මනිදු නැවත සිය රට බලා පැමිණෙන මොහොතේ ඔහු පිලිගෙන ඔහුව නිවසට එක්කර ගෙන යාමට පවුලේ හැමෝම වාගේ ක‍ටුනායක ගුවන්තො‍ටුපලට පැමිණ සිටියහ.
පවුලේ සමූහයා සමගම නැවත නිවස බලා යන අතරතුර ඔහු නිවස නැති සමයේ සිදුවූ දෑ දැන ගැනීමේ මහත් ආශාවෙන් ඔහු සැමගෙන් ප්‍රශ්න අසන්නට විය.
නිවසේ සුරතලා වූ බෙයා නැමති බල්ලා ඔහු විසින්ම නිවසට ‍රැගෙන විත් මහත් ආදරයෙන් ‍රැක බලා ගත් සත්වයෙක් විය. පලමුව ඔහු විමසුවේ ඌ ගැනය,
"මල්ලී, බෙයා සනීපෙන් ඉන්නවද?"
"අය්යේ බෙයා වහලෙන් වැටිල මැරුනා" පවුලේ බාලයා ලබා දුන් අනපේක්ෂිත ක්ෂණික උත්තරයෙන් ඔහුගේ මුලු ලෝකයම කඩා වැ‍ටුනා බඳු විය. කදුලු පිරි දෙනයනින් මොහොතක් නිහඩව සිටි ඔහු මල්ලීව ඇමතීය,
"මල්ලී, එහෙම දුක හිතෙන ආරංචි එක පාරටම දඩස් ගාල කියන සිරිතක් නෑ.එතකොට දුක වැඩියි. ඔයට ඒක ඊට වඩා වෙනස් විදියකට කියන්න තිබ්බ්නෙ. ඔයාට කියන්න තිබ්බ, අනේ අයියේ බෙයා වහලට නැග්ගා. අපි ඔක්කොම එකතු වලා ඌව බස්සගන්න full try එකක් දුන්නා. ඒත් ඌව බස්සගන්න බැරි වුනා. අන්තිමට ඌ කෑම නැතිව ඉදල ඉදල හොදටම කෙට්‍ටු වෙලා දුර්වල වෙලා වහලෙන් වැ‍ටුනා. අපි ඌව පුලුවන් ඉක්මනට ඉස්පිරිතාලෙට එක්කගෙන ගියා. ඒත් වැඩක් වුනේ නෑ. ඌ මලා.....කියල, එහෙම වුනාම ආරංචියෙ සැර අඩුවෙලා දුක අඩුවෙනවනෙ" මනිදු සිය කුඩා මල්ලීට තේරුම් කර දුන්නේය.
ටිකක් වේලා අනං මනං කතා කරමින් ගිය මනිදු, තමන් කුඩා කල සිට මහත් ආදරයෙන් ‍රැක බලා ගත් ආච්චී ගැන මල්ලීගෙන් විමසීය,
"මල්ලී ලඟදී ආච්චි බලන්න ගියාද?...ආච්චී සනීපෙන් ඉන්නවද?"

"අනේ අයියේ ආච්චි වහලට නැග්ගා"

Sunday, April 3, 2011

අවසන් ගෞරවය

පෙරේරා හා සොයිසා ගොල්ෆ් ගසන්නට පිටත් වූහ. සියලු කටයුතු සූදානම් කර පන්දුවට පහර දීමට ඔන්න මෙන්න කියා තිබියදී අසල පාරකින් අවමංගල්‍ය පෙරහැරක් මතුවිය. වහාම ගොල්ෆ් ගැසීම නැවත්වූ පෙරේරා සිය හිස් වැස්මද ඉවත්කර එකත්පසව හිද පිටිය පසුකරගෙන යන දේහයට ගෞරව දැක්වීය. පෙරහැර නොපෙනී ගිය පසු නැවත ඔහු හිස් වැස්ම පලදා ක්‍රීඩ කිරීමට සූදානම් විය.
"තමුසෙනම් මාර උත්තම පුරුෂයෙක් මචං. මට උඹ ගැන ආඩම්බරයි. පාරෙ යන අදුරන්නෙවත් නැති අවමංගල්‍ය පෙරහැරකටත් තමුසෙ උපරිම ග්‍රෞරවය දැක්වුවානෙ" මෙය බලා සිටි සොයිසා කීවේය.
පන්දුවට වැරෙන් පහරක් එල්ල කරන ගමන් පෙරේරා පිලිතුරු දුන්නේය
"මොනව වුනත් අවුරුදු තිහක් එකට ජීවත් වුනානෙ මචං"

Saturday, April 2, 2011

කලු බැටලුවා

                                                              එකෝමත් එක කාලෙකදි අප්‍රිකාවෙ පලාතක නීග්‍රෝ ජනතාව වෙසෙන ගමක් තිබ්බා. මේ ගමේ යුවලකට දරුවෙක් උපන්නා. වැඩේ කියන්නෙ අලුත උපන් පැටියා සුදුම සුදුයි. නිග්‍රෝ තාත්තට මළ පැනල. යකෝ කට්ට කලු මට දාව කලුම කලු මේ ගෑනිට සුදුම සුදු දරුවෙක් උපදින්නෙ කොහොමද? වටේ පිටේ මිනිස්සුත් අනං මනං නක්කල් කතා කියන්න පටන් ගත්තා. දැන් මළ ඩබල්. කොහොමද මෙහෙම අලකලංචියක් වෙන්නෙ? ලඟ පාත area එකටම සුද්දෙකුට ඉන්නෙ මිෂනාරි පියතුමා විතරයි. කල්පනා කරල, කල්පනා කරල අන්තිමේදි මිනිහා දුම්මල වරම අතේ තියන් ගියා පියතුමා හම්බවෙන්න. මිනිහා අ‍ටුවා ටීකා ටිප්පනි නැතිව කෙලින්ම ගේමට බැස්සා,
" father මගේ ගෑනිට හම්බ වෙලා තියෙන්නෙ සුදුම සුදු කොල්ලෙක්. මේ අහල ගම් හතකට සුද්දෙකුට ඉන්නෙ Father විතරයි. නිකං බබා උක්කුං නැතිව මට ඇත්ත කියනව හොදයි!!!!!....කොහොමද මෙහෙම වුනේ?"
Father නෙවෙයි කලබල වුනේ. උන්නාන්සේ අර නීග්‍රෝ ජාතිකයට මෙහෙම කිව්වා,
" මේ ඇත්තො කලබල ගන්න කාරි නෑ. ස්වභාවධර්මයා ඉදල හිටල මේවගේ අරුම පුදුම දේවල් කරනවා...විශ්වාස නෑ නේද? එන්න මං පෙන්නන්න" කියල මේ නීග්‍රෝ මනුස්සයව එක්කර ගෙන පල්ලිය පිටි පස්සෙ තණ පිට්ටෙනියට ගියා. එතන සුදුම සුදු බැටලු රෑනක් තණ කනවා. ඔය අතරෙ ඉන්නව එක කලු බැටලුවෙක්. මේ කලු බැටලුව පෙන්නපු පියතුමා මෙහෙම කිව්වා,
" බලන්න...අර සුදුම සුදු බැටලු රෑනට කලු බැටලුවෙක් උපන්නේ කොහොමද? ස්වභාවධර්මයේ නියමයන් අනුව ඔහොම අහඹු දේවල් සිද්ධ වෙනවා."
ඔය scene එක දැක්කා ගමන් මෙච්චර වෙලා ගේම ඉල්ලපු කලුවා full upset ගහල වෙවුලන්න පටන් ගත්තා. මිනිහා වෙවුල වෙවුල fatherට මෙහෙම කිව්වා,

"father... අනේ ප්ලීස්...මම මගේ ගෑනිගේ වැඩේ අමතක කරල දාන්නම්...father ඔය කතාව එහෙම තව කාටවත් කියන්න එපා"
Related Posts Plugin for WordPress, Blogger...