Monday, April 18, 2011

ආදර ඇඳුම

සුමනාවතී අලුත් බැදල වෙනම පදිංචි වුන පුතාලගෙ දිහා ගියා. පුතා දවාලෙ ගෙදර නෑ. ඒත් ඉතින් ලේලි පොඩ්ඩව බලල, ගෙදර උයපු මාලු පිණි ටිකකුත් දෙන බලාපොරොත්තුවෙන් තමා නැන්දම්ම ඒ පැත්තට ගියේ.
ගිහිල්ල පුතාලගෙ ගෙදර දොර ඇරපි, මෙන්න ලේලි පොඩ්ඩ උපන් ඇදුමෙන් ඉන්නව දොර මුල්ලෙ. මේ මොකද්ද මේ හරුපෙ? නැන්දම්ම ලේලිගෙන් ඇහුවා
"නෑ අම්මෙ, සුගත් ආසයි එයා ගෙදර එන වෙලාවට මම මේ විදියට ඉන්නව දකින්න. එයා මේකට කියන්නෙ ආදර ඇඳුම කියල"
දන්නවනෙ ඉතින්, කාටත් fantasy කියල ජාති තියනවනෙ. සුගත්ගෙ fantasyය වුනේ තමන්ගෙ බිරිඳ ආදර ඇදුමෙන් දකින්න.
ලේලිට මාලු පිණි ටික දුන්න සුමනාවතී මඟ එන ගමන් මේ ගැන කල්පනා කලා. ජයපාලත් (සුගත්ගෙ තාත්ත)සමහර විට මම ආදර ඇදුමෙන් දකින්න කැමති ඇති. අද try කරල බලන්න ඕනි.
ගෙදර ගියපු සුමනාවතිත් උපන් ඇදුමට බැහල තමන්ගෙ ස්වාමිපුරුෂය වැඩ ඉවර වෙලා එනකන් බලා හිටියා,
වැඩ ඉවර වෙලා ගෙදර ආපු ජයපාල දු‍ටු දර්ශණයෙන් විලම්භීත වුනා.
"මේ මොකද හාමිනේ මේ?"
"මේ බලන්න මම ආදර ඇදුම තමයි ඇද ගෙන ඉන්නෙ. අපේ පුතා කැමතියිලු ලේලි ආදර ඇදුමෙන් ඉන්නව බලන්න. ඉතින් මම හිතුව ඔයත් මාව එහෙම දකින්න කැමති ඇති කියල, ඉතින් කියන්නකො.....ලස්සනයිද මගේ ආදර ඇදුම?"
බිරිඳගෙ ආදර ඇදුම දිහා ටිකක් වෙලා බලා හිටපු ජයපාල මෙහෙම කිව්වා,

"කෝ ඉතින් හාමිනේ ඇඳුම අයන් කරල නෑනෙ"  

වීදුරු බෝල තුනේ අභිරහස

සුගීෂ පොඩි කාලෙ ඉදන්ම දෙමවුපියන්ට කීකරුව හැදුන පුතෙක් පින්බර පුතෙක්. සුගීෂ පාසලට බාර දෙන්න නියමිත කාලෙ එද්දී තාත්ත සුගීෂ ලඟට ඇවිත් මෙහෙම කිව්වා,
"මගෙ පුතා හෙට ඉදන් ඉස්කෝලෙ යන්න ඕනෑ. අම්මයි තාත්තයි නැතිව teachers, යාලුවො එක්ක ඉන්න ඕනෑ. ගිහින් හොද ළමයෙක් වගේ ඉගනගන්න ඕනෑ. ඉතින් මගෙ පුතා ඉස්කෝලෙ යනවට මම පුතාට මොනවත් අරන් දෙන්න ඕනෑද?"
"මට ඕනෑ වීදුරු බෝල තුනක්"
තාත්තත් ඉතින් පුතාට වීදුරු බෝල තුනක් අරන් දුන්නා. සුගීෂ ඉස්කෝලෙ ගියා. ගුරුවරුන්ට කීකරුව හොදින් ඉගනගත්තා. හැම term test එකකම section එකේ වැඩිම ලකුණු තිබ්බෙ සුගීෂට. මේ හැම වෙලාවකම තාත්තා සුගීෂව දිරි ගන්වන්න සුගීෂට ඕන තෑගි බෝග මොනවද කියල ඇහුවා,
"මට ඕන වීදුරු බෝල තුනක්".මේ හැම වෙලාවකම සුගීෂගෙ උත්තරය උනේ ඒක. සුගීෂ නිවාඩු පාඩු වෙලාවට ජිල් බෝල ගහනව ඇති කියල හිතපු තාත්තත් සුගීෂගේ ඉල්ලිම් ඒ ආකාරයෙන්ම ඉ‍ටු කලා.
මෙහෙම ගියපු සුගීෂ ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 190 අරගෙන පලාතෙන්ම පලවැනිය වෙලා සමත් වුනා. තාත්තට හරි සතු‍ටුයි. පුතාට මොනවද ඕන කියල තාත්ත ආයෙත් විමසුවා
"තාත්තෙ මට වීදුරු බෝල තුනක් ගෙනත් දෙන්න"
වයස අවුරුදු දහයක දරුවෙකුට වීදුරු බෝල වලින් කරන්න කොච්චර දේවල් තියෙනවද? තාත්ත එහෙම හිතල ඒ ඉල්ලීමත් ඉෂ්ඨ කලා. තාත්තගෙන් විතරක් නෙවෙයි, උද්දාමයට පත් නෑදෑයොත් තෑගි අරන් දෙන්න විමසද්දී පුංචි සුගීෂට ඕනෑ වුනේ වීදුරු බෝල.
ශිෂ්‍යත්වයෙන් ඉහලින් සමත් වුන සුගීෂ කොළඹ රාජකීයෙට ඇතුලු වුනා. එහේදිත් හැමදාම පන්තියේ පලමු දෙදෙනා අතර ඉන්න සුගීෂට පුලුවන් වුනා. සුගීෂ බලන්න කොළඹ එන තාත්ත හා අම්ම සුගීෂගෙ ප්‍රතිපල අහල හැමදාමත් වගේ අසීමිත්ව සතු‍ටු වුනා. මේ හැම වේලාවකම සුගීෂට තෑගි අරන් දෙන්න විමසද්දි සුගීෂට ඕනෑ වුනේ වීදුරු බෝල තුනක්. උපන් දින, අවුරුදු තෑගි, මේ හැම වෙලාවකම සුගීෂට ඕනෑ වුනේ වීදුරු බෝල තුනක්.
ඉගනීමට විතරක් නෙවෙයි, සුගීෂ විෂය පරිභාහිර දේ කරන්නත් ඉදිරිපත් වුනා. අන්තර් පාඨශාලීය ජාතික පිහිනුම් ශූරයා සම්මානය පිට පිට අවුරුදු තුනක් දින්නේ සුගීෂ. ඒකල දැනුම මිනුම තරඟ ‍රැසකික් ජාතික මට්ටමේ ජයග්‍රහණ ලබන්නට සුගීෂට පුලුවන් වුනා. මේ හැම වෙලාවකම පුතා දිරිමත් කරන්න ඉදිරිපත් වෙන තාත්තගෙන් සුගීෂ ඉල්ලුවෙ එකම එක තෑග්ගක් විතරයි. ඒ වීදුරු බෝල තුනක්.
දැන් දැන් තාත්තටත් ටිකක් Upset. පුතාට මානසික රෝගයක්වත්ද?. ඒත් ඉතින් ඉගනීම අතින් ඉහලින්ම ඉන්න, හොදට සමාජය එක්ක මුහු වෙන, විෂය පරිභාහිර දේ කරන සුගීෂ ගැන එහෙම හිත්න්නවත් පුලුවන්ද? එහෙම සිතුවිල්ලක් හෝ පහල වීම ගැන තමාටම සාප කරමින් තාත්තා සුගීෂගේ ඉල්ලීම ඉලු කලා. සමහර විට වීදුරු බෝල එකතු කරන එක පුතාගෙ විනෝදාංශයක්ද දන්නෙ නෑනෙ. තාත්තට එහෙමත් හිතුනා
මෙහෙම ගියපු සුගීෂ සාමාන්‍ය පෙල විභාගයෙන් A 10 අරගෙන දිවයිනේ 8 වැනිය විදියට ඉතාමත් ඉහලින් සමත් උනා. ඒ පාරත් තාත්තත්, අම්මත්, නෑ පිරිවරත් තෑගි අරන් දෙන්න අහද්දි සුගීෂට ඕන වුනේ වීදුරු බෝල විතරයි. මේ මොන විකාරයක්ද? මේ ගැන සුගීෂගෙන් විමසන්න තාත්ත උත්සාහ කලත් අම්ම කිව්වෙ සුගීෂ එහෙම ඉල්ලන්න හේතුවක් ඇති, අපි කලබල නොවී ඉමු කියල.
උසස් පෙලට සුගීෂ ‍තෝරා ගත්තේ ජීව විද්‍යා විෂයන්. උසස් පෙල පන්ති වලත් කැපී පෙනෙන ශිෂ්‍යයා වුනේ සුගීෂ. හැම term test එකකමත්, අනුමාන ප්‍රශ්න පත්‍ර වලත් ඉහලම ලකුනු තිබ්බෙ සුගීෂට. ගුරුවරුන්ගේ බලාපොරොත්තු ඉ‍ටු කරමින් 2006 වසරේ දිවයිනෙන් 3 වැනියා ලෙස උසස් පෙල සමත් වෙන්න සුගීෂට පුලුවන් වුනා. ඒ පාරත් තාත්ත ඇහුවම සුගීෂට ඕනෑ වුනේ වීදුරු බෝල තුනක්. දැන්නම් තාත්තට ඉවසගන්න බෑ. ටිකක් සැරෙන් වගේ සුගීෂගෙන් මෙහෙම ඇහුවා,
"මොකද පුතා මේ හැම වෙලාවකම වීදුරු බෝල ඉල්ලන්නෙ. පොඩි ළමයෙක් ඉල්ලුවනම් කමක් නෑ. දැන් ඔයාට වයස 19. තාමත් ඔයාට ඕන ජිල් බෝල විතරයි. මොකක්ද මේකෙ තේරුම?"
"මම තාත්තට වෙලාව ආවම කියන්නම්. දැනට මට වීදුරු බෝල තුනක් අරන් දෙන්න"
මොනව කරන්නද? පුතාගෙ ඉල්ලීමනෙ. තාත්ත වීදුරු බෝල ගෙනත් දුන්නා. මේ වෙද්දි නෑදෑයොත් සුගීෂට තෑගි විදියට වීදුරු බෝල ගෙනත් දෙන්න පුරුදු වෙලා තිබ්බ. විශ්ව විද්‍යාලයට යන්න කලින් තියපු party එකේදි සුගීෂට වීදුරු බෝල රාශියක් ලැබුනා.
ප්‍රතිපල මත කොළඹ වෛද්‍ය පීඨයට ඇතුලු වුන සුගීෂ එහිදීත් කඩයිම් විබාග සමත් වුනේ ප්‍රථම පන්තියේ සාමාර්ථ එක්ක. මේ හැම වෙලාවකම සුගීෂට තෑගි විදියට ඔනෑ වුනේ වීදුරු බෝල. දෙමවුපිය ආශිර්වාදයත් ඇතිවම වෛද්‍ය පීඨයේම සිසුවියක් සමඟ ප්‍රේම සම්බන්දයක් ඇතිකර ගත්තා. ප්‍රේමවන්තිය තෑග්ගක් අරන් දෙන්න අහද්දි පවා සුගීෂට ඕනෑ වුනේ වීදුරු බෝල තුනක්. සුගීෂට වීදුරු බෝල මොකටද? මොනවද ඒවායෙන් කරන්නෙ? කොහෙද ඒව තියා ගෙන ඉන්නෙ කියල කවුරුවත් දැන ගෙන හිටියෙ නෑ. කවුරුවත් ඇහුවට සුගීෂ හෙලි කලෙත් නෑ.
වෛද්‍ය පීඨයේ අවසන් වසරෙ ඉගනුම ලබද්දි සුගීෂ හදිසි මාර්ග අනතුරකට ලක් වුනා. බරපතල තුවාල සහිතව ජාතික රෝහලට ඇතුලු කල සුගීෂව බේරා ගන්න වෛද්‍යවරු උපරිම උත්සාහය ගත්තත්, සුගීෂගේ තත්වය ක්‍රමයෙන් නරක අතට හැරුනා. හදිසි සැත්කම් දෙකක් කලත් ප්‍රතිඵලයක් නැති බවක් පෙනෙන්න තිබුනා. සුගීෂ වැඩි වෙලාවක් ජීවත් නොවනු ඇති බව වෛද්‍යවරු දෙමවුපියන්ට දැන්වුවා.
හෙට ලෝකය එලියවත් කරන්නට තිබූ මිණි පහන මේ ආකාරයෙන් නිවී යනු ඉවසා ගත නොහැකි ලබැදියන් සුගීෂගෙ ඇඳ වටේට හිටියා.
"මගෙ පුතාට මොනවත් ඕනද?" කඳුලු පිරි දෙනයනින් තාත්තා විමසා සිටියා.
"තාත්තටත් අම්මටත් මම ගො...ඩක් ආ...ද...රෙ......මට .......වීද්....දුරු.....බෝ..ල්..ල...තුනක් ගෙන්න්....නත් දෙන්න්......න"සුගීෂ ඉතා අමාරුවෙන් කිව්වා.
"පුතා මට දැන්වත් කියනවද පුතාට මොකටද මෙච්චර කල් වීදුරු බෝල ඕන වුනේ කියල"තමන්ට මෙච්චර කල් ප්‍රෙහෙලිකාවක් වුන ප්‍රශ්නය තාත්තා විමසා සිටියා.
"තාත්..ත.......වීදුරු බෝ.........ල.....තුන්න....ගේ...න්නකො.......එත්ත්කො...ට්ට....මම....කියන්...නම් මට.....................මෙච්චර කල් වී......දුරු බෝ...ල ඕන්න්නෑ වුනේ ඇයි....කිය....ලා"
පුතාගෙ අන්තිම ඉල්ලිම ඉ‍ටු කරන්න තාත්ත හනිකට වීදුරු බෝල අරන් එන්න පිටත් වුනා. ලඟම කඩේකින් වීදුරු බෝල අරගෙන තාත්ත ඉක්මනටම රෝහලට ආවා.

ඒ එන කොට සුගිෂ අවසන් හුස්ම හෙලල!!!!!!"

කලු බබා

විවාපත් වූ නව යුවල මධුසමයට පිටත්ව ගියේ පිටිසර පලාතක තානායමකටය. තකහනියේම පිටත්වීමට සිදුවූ නිසා මනාලයාට condom පැකට්‍ටුවක් බෑගයට දමා ගැනීමට නොහැකි වී තිබුනි. එම නිසා රති කෙලිය ඇරඹීමට මත්තෙන් condom එකක් මිලට ගැනීමට මනමාලයා තානායමෙන් පිටත් විය. පිටිසර පලාතක් වූ හෙයින් අදාල දෙය සොයා ගෙන ඔහුට නගරයටම යන්නට සිදු විය.
තම ආදරවන්තයා සන්නද්ධව පැමිනෙන තෙක් මනාලිය යහනය මතට වී බලා හිදිද්දී තානායමේ විදුලිය විසන්ධි විය. ඔය අතරේ තානායමට කඩා වැදි කාපිරි ජාතික හොරෙක් අහම්බයෙන් මෙන් නව යුවල මංගල රාත්‍රිය ගත කිරීමට ‍තෝරා ගත් කාමරයට එන්නට යෙදුනි. ඇද මත සූදානම් ශරීරයෙන් සිටි මනාලියා දු‍ටු ඔහු හෙමින් සීරුවේ වැඩට බැස්සේය. කලුවරේ මෙලෝ ජංජාලයක් නොපෙනෙන බැවින් මේ රති කෙලියට පිවිසෙන්නේ තම ස්වාමියායැයි සිතූ මනාලියද වැඩේට උපරිම සහයෝගය ලබා දුන්නාය.
මේ අතර නගරයට සේන්දු වූ මනාලයා pharmacyයකට ගොස් condom වල ගනන් හිලවු විමසීය. සුදු පැහැ කොන්ඩමයක් ඩොලර් සත 30ක්ද, දම් පැහැ කොන්ඩමයක් සත 25ක්ද, කලු පැහැ කොන්ඩමයක් ඩොලර් සත 20ක්ද විය. තදියමේම purse එක තානායමේ දමා ආවෙන් ඔහු බොහොම අමාරුවෙන් සාක්කුව අත පත ගා මාරු කාසි වලින් සත 20 සොයාගෙන කලු කොන්ඩමයක් මිලදී ගත්තේය. එලිවෙන පාන්දර නැවත තානායමට එද්දී මනාලිය නින්දේ සිටි අතර මනාලිය නිදිමර ගාතේම අවදි කර ගත් ඔහු කලු පැහැ කොන්ඩමය පලදා වැඩ ඇල්ලීය. නිදි මර ගාතේ සිටි මනාලියට මේවා ගැන එතරම් වගක් නොවුනි.
මාස දහයක ඇවෑමෙන් ඔවුන්ට පුතෙක් ලැබුණි. ඔහු කට්ටම කලු පොඩි එකෙක් විය. කල් ගත්වෙත්ම පොඩි එකා උස් මහත් වී පාසල් යන වයසට එලඹුනි. මේ කාලයේදී ඔහු ඔහුගේ හිතට නිරන්තරයෙන් වද දුන් පැනයක් සිය පියාගෙන් ඇසීය.
"තාත්තේ, අම්මයි තාත්තයි දෙන්නම සුදු වෙලා මම විතරක් කලු වුනේ කොහොමද?"

"උඹ කලු වෙලා බේරුනා මැදැයි. මගේ ලඟ තව සත 5 තිබ්බනම් උඹ දම් පාට එකෙක් වෙලා තමයි නවතින්නේ"

"බලාගෙන....ලිස්සයි"

චන්දන කියන්නෙ සුපිරි අනංගයෙක්. මිනිහ කෙල්ලො නවනව කිසි බිසි ගාල. නවනව විතරක් නෙවෙයි උන් අදිනවත් එක්ක. මිනිහ usually කෙල්ලො අදින්නෙ මිනිහට convenient ලඟම තියෙන හොටෙල් කාමරයකට.
ඔහොම කාලය යද්දි මිනිහට හිතුන පෙලවහක් කාරිය වෙලා settle වෙන්න. දන්නවනෙ ඉතින්, දාහක් කෙල්ලො එක්ක බුදිය ගන්න කොල්ලොන්ට බදින්න ඕන නෑඹුල් කන්‍යාවියොනෙ. මිනිහත් ඉතින් යෝජිත විවාහයකින් කොල්ලෙක් දිහා ඇහැක් ඇරලවත් බලන්නෙ නැති සයිස් කෙල්ලෙක් හොයා ගෙන බැද ගත්තා.
බැදල දෙන්න මධු සමයට පිටත් වුනේ චන්දනට හුරු පුරුදු හෝටලේට. අහම්බෙ කියන්නේ ඒ කාමරයටම. පහුගිය ටික දොහේ මඟුලේ වැඩට එහේ මෙහේ දුවන්න වුන නිසා මේ පැත්තෙ එන්න බැරි වුනාට පොර දන්නවා මේකෙ bathroom එකට ඇතුලු වෙන තැන ලිස්සන සුලුයි කියල. දැන් මේක මනමාලිට එක පාරටම කියන්නත් බෑ. අලුත් ජීවිතයක් ආරම්භ කරන්න යන පලමු දවසෙම ගෑනිට සැක හිතුනොත් එහෙම? නොකියත් බෑ. ඒ පාර මිනිහ වචන ගලපල ගලපල මෙහෙම කිව්ව,
"ඩාලින්, ඔය හරිය ලිස්සනවද දන්නෙ නෑ. පරිස්සමෙන් යන්න"
මිනිහගෙ උපදෙස ගැන එතරම් තැකීමක් නොකරපු නෑඹුල් මනාලිය මෙහෙම කිව්වා,

"නෑ නෑ. දැන් එතන ලිස්සන්නෙ නෑ. මේ ගොල්ලො ගිය සතියෙ ඒක හැදුවනෙ"

SL Police

ඔන්න ලෝකේ විවිධ රටවල පොලීසි වල දක්ෂතා මැන බලන තරඟයක් තිබ්බලු. මේකට අපේ රටේ පොලීසියත් ඉදිරිපත් උනා. තරගයේදි තිබ්බෙ කැලයකට හාවෙක් නිදහස් කරල ඒ හාවව හොයාගන්න එක් එක් කණ්ඩායමට ගත්වන කාලය බැලීමලු.
මුලින්ම තරගයට ඉදිරිපත් වුනේ ඇමරිකන් පොලීසිය. ඔන්න ඉතින් හාව මුදා හැරියලු කැලේට. ඇමරිකන් කාරයො මුලු කැලේටම බෝම්බ දාල flat කරල දාල ඇවිත් කිව්වලු, "හාව හොයා ගන්න බැරි වුනා. නමුත් අපි මුලු ප්‍රදේශයටම ගුවන් ප්‍රහාර එල්ල කරල තර්ජනය මැඩපැවැත්වුවා" කියල. තර‍ඟෙ තියෙන්නේ හාව අල්ලන්න මිසක් විනාශ කරන්න කියල නෙවෙයිනෙ. ඇමරිකාව Out.
ඊට පස්සෙ ආවෙ බ්‍රිතාන්‍ය පොලීසිය. ඒ ගොල්ලො හාවගෙ DNA analyze කරල Scotland Yard එකෙත් සහයෝගය ඇතිව මෙහෙයුම පටන් ගත්තා. හාව නෙවෙයි හොයා ගන්න පුලුවන් වුනේ. අන්තිමට ඇවිත් කිව්වා," මෙම DNA වලට සමරූපි DNA සහිත කිසිදු සත්වයෙක් මේ කැලයේ මේ මොහොතේ නැත". UK පොලීසියත් තර‍ඟෙන් Out.
වීරප්පන් එහෙම අල්ලපු ඉන්දියානු පොලීසියටත් හාවගෙ මයිල් ගහක්වත් අල්ල ගන්න පුලුවන් වුනේ නෑ.
ඊශ්‍රාලය, මොසාඩ් ඔත්තු සේවෙ උදවු අරගෙන කැලේ ඉන්න තමන්ගෙ ඔත්තුකාරයොගෙනුත් තොරතුරු අරන් ගේමට බැස්සා. ඒ ගොල්ලන්ටත් අමුතු දෙයක් කරන්න බැරි වුනා.
චීනය, ජර්මනිය, ප්‍රංශය, රුසියාව ආදී කිසිම රටකට නියමිත ඉලක්කය වූ හාවා හොයා ගන්න වුනේ නෑ.
තරගාවලියෙ අන්තිම තරඟකරු වුනේ අපේ රටේ පොලීසිය. ඔන්න බැටන් පොලු දෙකක් විතරක් අරගෙන අපේ රාලහාමිල දෙන්නෙක් කැලේට රිංගුවා. ටික වෙලාවකින් කැලේ ඇතුලෙන් "දඩාං බඩාං" ගාල සද්ද බද්ද ඇහෙනවා. මෙන්න තවත් ටිකකින් අපේ රාලාමිල දෙන්න තඩි වලහෙක් දණ්ඩකට තියල බැඳල කරේ තියාගෙන බැටන් පොල්ලෙන් තල තල එනව. වලහත් දහ අතේ රාලහාමිල දෙන්නට වදිමින් මෙහෙම කෑ මොර දෙනව,

"අනේ බුදු රාලහාමි ගහන්න නම් එපා....මම තමයි හාව....මම තමයි හාවා"

Thursday, April 14, 2011

යහපත් බැල්ලි

මේක බලු කතාවක්. දන්නවනෙ ඉතින් බල්ලො සංසර්ග ක්‍රියාවලියෙ යෙදෙන හැටි. උන්ට ඉතින් තැනක් නොතැනක්, වෙලාවක් අවේලාවක්, ලවක් දෙවක් නෑනේ. අහුවෙන ඕනෑම තැනක වැඩේ කරනව. ඒකනෙ උන්ට බල්ලො කියන්නෙ.
ඔන්න ඉතින් දවසක් ඇම්ඩන්(මම නෙවෙයි ;) තාත්ත එක්ක පාරෙ යද්දි දැක්ක මෙහෙම බලු scene එකක්. ඇම්ඩත් ඉතින් පොඩි කමට ඇහුව තාත්තගෙන් මෙහෙම,
"මොනාද තාත්තෙ අර බල්ල, බැල්ලිගෙ පිට උඩ නැගල පාර මැද ඉදන් කරන්නෙ?"
තාත්ත නන්නත්තාරයි.මොකද ඉතින් මුන් දෙන්න රමණයේ යෙදෙනව කියන්නැ? තාත්තත් හිතල හිතල ස්ථානොචිත ප්‍රඥාව පාවිච්චි කරල මෙහෙම කිව්වා,
"ඒ බල්ලගෙ කකුලක් කැඩිල පුතේ. ඒක හින්ද ඌට පාර මාරු වෙන්න බෑ. ඉතින් අර බැල්ලි මේ බල්ලව කරේ තියාගෙන පාර මාරු කරනව"
ටිකක් වෙලා මේක දිහා බලන් ඉදපු ඇම්ඩ මෙහෙම කියපි,

"බලන්න තාත්තෙ, එහෙව් යහපත් බැල්ලිටනෙ අර පර බල්ල හු---"

චාටර් එක

එඩ්වඩ් විවාහ වූයේ පිටිසරබද පලාතක, ලැජ්ජ බය ඇතිව, දෙමාපියන්ගේ දැඩි ‍රැකවල් මැද හැදුන වැඩුන ලාබාල යුවතියක් සමගිනි. මධු සමයදා ආවේගශීලී, ප්‍රවේගවත් ඉනිමක් ක්‍රීඩා කල ඔහු පසුදා වැඩට පිටත් වීමට පෙර තම නෑඹුල් මනාලිය ඇමතුවේය.
"කොහොමද ඊයෙ මගේ වැඩ. මේ ලෝකෙන්ම මට විතරයි ඒ වගේ එකක් තියෙන්නෙ. ඒක නිසා මට විතරයි එහෙම සැපක් දෙන්න පුලුවන්. ඒ අතින් ඔයා වාසනාවන්තයි."
රට තොට ගැන එතරම් නොදන්නා සිය නෑඹුල් ප්‍රියම්බිකාව පිට නොයා තියා ගැනීමට ඔහු එසේ පාරම් බෑවේය.
සතියක් ගතවිය. දිනක් ඔහු වැඩ හමාර වී ගෙදර පැමිණෙන විට බිරිඳ Mood ගසා පැත්තකට වී සිටිනු දු‍ටුවේය.
"මොකද ඩාලිං ඔයා upset එකේ ඉන්නෙ"
"ඔයා මට බොරු කිව්වෙ. ඔයගෙ වගේ එකක් තියෙන්නෙ ඔයාට විතරක් නෙවෙයි. අර එහා ගෙදර සයිමන්ටත් තියෙනව"
එඩ්වඩ්ට හීන් දාඩිය දැම්මේය. තමන් නැති අතර සයිමන් වැට පැනලාවත්ද?
"ඔ...ඔයා....කොහොමද එහ්...හෙම කියන්න්න්නෙ?" ඔහු ගොත ගසමින් විමසීය.
"සයිමන් අද නාන වෙලාවෙ මම දැක්කා. ඔයා මට බොරු කිව්වා. මම තරහයි."
රට තොට ගැන එතරම් අවබෝධයක් නැති මේ ගෑනි තමා කියන ඕනෑම දෙයක් පිලිගන්නා බවට එඩ්වඩ් තුල විශ්වාසයක් විය.එම නිසා ඔහු මෙසේ කීවේය.
"හරි හරි ඩාලින්, සයිමන්ට මුලදි එහෙම එකක් තිබ්බෙ නෑ. ඒ කාලෙ මට ඒවයින් දෙකක් තිබ්බ. ඉතින් මිනිහ ඇවිත් මට පිණ්සෙන්ඩු වෙලා එකක් ඉල්ලුව. මටත් පව් කියල හිතිල මමත් ඔන්න ඔහේ එකක් දුන්න"
පිලිතුරෙන් බිරිඳ සෑහීමකට පත් වූ බවක් පෙනිනි. වැඩේ shape වූවායැයි එඩ්වඩ්ට සිතුනි.
දින කීපයක් ගතවිය. එදින එඩ්වඩ් වැඩ හමාර වී නිවසට පැමිනෙද්දී බිරිද තරහින් පුපුර සිටිනු දු‍ටුවේය.
"ඇයි සුදූ ඔයා තරහින්?" එඩ්වඩ් විමසීය.

"තමුසෙනම් මහම මහ හරකෙක්. මොකද ගොනෝ හොඳ එක සයිමන්ට දීල තමුසෙ chater එක තියා ගත්තේ?"
Related Posts Plugin for WordPress, Blogger...