තරමක් අසනීප ගතියක් දැනුන පෙරේරා සේවා ස්ථානයෙන් කලින් පිටත් විය. නිවසට ඇතුලු වෙත්ම ඔහුට උඩු මහලේ සිය කාමරය දෙසින් සිහින් කෙදිරිල්ලක් ඇසුණි. මේ වේලාවට උඩු මහලේ කාමරයේ සිටින්නේ බිරිඳ පමණි. "ඇයට අසනීපයක්වත්ද?' කලබලයටත්, භීතියටත් පත් පෙරේරා දඩි බිඩි ගා බර අඩි තබමින් උඩු මහල දෙසට දිව ගියේය. කාමරයට ඇතුලු වෙත්ම ඔහු දුටුවේ මාග්‍රට් පපුව අල්ලාගෙන කෙදිරි ගාන අයුරුය.
"ඩාලිං මට අමාරුයි. ඔයා ආපු එක හොදයි. ඉක්මනට පහලට ගිහින් Ambulance එකකට call කරනවද?" මාග්‍රට් ඉතා අපහසුවෙන් ඇසුවේය.
විදුලි වේගයෙන් යලි පහලට දිව ගිය ඔහු දුරකථනයෙන් ගිලන් රථ සේවයක් අමතා පිලිතුරක් ලැබෙනතෙක් බලා සිටිද්දී ඔහුගේ කුඩා පුතු බියපත් මුහුණෙන් ඔහු දෙසට දිව ආවේය;
"තාත්තෙ, තාත්තෙ, අර එහා ගෙදර විල්බට් මාම අම්මගෙ අල්මාරිය අස්සෙ ඇදුම් නැතිව හැංගිලා ඉන්නව"
රිසීවරය වේගයෙන් තැබූ පෙරේරා ක්‍රෝධයෙන් ගිණි ගත් දෙනෙතින් නැවතත් උඩු මහලට දිවගොස් එක්වරම අල්මාරියේ දොර විවර කලේය. පුතු කීව පරිද්දෙන්ම විල්බට් ඇඟේ නූල් පොටක්වත් නැතිව අල්මාරියේ සැඟවී සිටියේය. ඒ දුටු පෙරේරා විල්බට් වෙත කඩා පැන්නේය,
"යකෝ, මගේ ගෑණි අරෙහෙ පපුවෙ අමාරුවක් හැදිල මැරෙන්න යනව. තෝ මෙතන ඇදුම් නැතුව අල්මාරි අස්සෙ හැංගිල මගේ පොඩි එකා බය කරනව!!!"
No comments:
Post a Comment