Tuesday, May 17, 2011

අධෝ වාතය

පීටර් වෛද්‍යවරයෙකු හමුවට ආවේය.
"දොස්තර මහත්තයෝ, මට මාර ප්‍රශ්නයක්නෙ තියෙන්නෙ. මට නිතරම වාතෙ පිට වෙනව. හැබැයි වැඩේ කියන්නෙ මේව ගඳත් නෑ. සද්දෙකුත් නෑ. දැන් මම දොස්තර මහත්තය එක්ක මේ කතා කර කර ඉන්න ටිකටත් මට 10සැරයක් විතර වාතෙ පිට වුනා. ඒත් ගඳත් නෑ. සද්දෙත් නෑ. පුදුම වැඩක්"
දොස්තර මහතා සද්දයක් නැතිව ඔහුට බේතක් ලියා තව සති දෙකකින් එන ලෙස දැන්වීය. සති දෙකකින් පීටර් නැවතත් දොස්තර මහතා හමුවට ආවේය.
"මම මහත්තය දීපු බේත් සති දෙකම පාවිච්චි කරා. ඒත් මහත්තයෝ මේ වාතෙ පිට වෙන එකේ කිසි අඩුවක් නෑනෙ. හැබැයි වැඩේ කියන්නෙ දැන් දැන් පිටවෙන ඒව නම් ගඳයි.හැබැයි සද්දයක් නම් නෑ"
"ඒක තමයි. අපි පහුගිය සති දෙකේ ප්‍රතිකාර කලේ ඔයාගෙ කෝටරක ප්‍රදාහයට (chronic sinusitis- ගඳ, සුවඳ නොදැනීම මෙහි රෝග ලක්ෂණයකි). දැන් අපි ඔයාගෙ කන් ඇහෙන්නෙ නැති ප්‍රශ්නයට ප්‍රතිකාර කරමු."

2 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. JHOTHISHALANKA දාපු comment එකට මම නම් මොනවත් කලේ නෑ. But ඒක removed by the author කියල තියෙනව???????
    කමක් නෑ. JHOTHISHLANKA සහෝ කියල තිබ්බෙ මේකයි,
    "මේක හොද බ්ලොග් එකක්.සිතට සතුටක් විනොදයක් ලැබුනා.මීට පස්සෙ නිතරම එනවා"
    ස්තුතියි මිතුරා...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...