Saturday, June 4, 2011

හිස් අසුන

එය ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරඟයකි. ප්‍රේක්ෂකාගාරය අතුරු සිදුරු නැතිව පිරී තිබුණි. ටිකට් නිකුත් කිරීම අවසන්ව තිබූ නිසා තරඟය නැරඹීමට ඉඩ නොලද පිරිස් ක්‍රීඩාංගනය අවට කලබල සිදු කරමින් සිටියහ. මේ අතර ප්‍රේක්ෂකාගාරයේ එක් අසුනක් පමණක් හිස්ව තිබෙනු දැකීම අවට සිටි කාටත් පුදුම සහගත විය. "වෙන් කර ඇත" යනුවෙන් දක්වා තිබූ මෙම අසුන යාබඳව සිටියේ වයසක මහත්මයෙකි. අවට සිටි එක් අයෙක් මෙම මහත්මයා සමඟ කතාවට වැ‍ටුනේය.
" බලන්න මිස්ට, සීට් එකකුත් බුක් කරල final match එක බලන්න එන්නෙනැති මෝඩයොත් ඉන්නවනෙ. අරෙහෙ එලියෙ මිනිස්සු මහ ජරමර කරනව ඇතුලට ගන්නෙ නෑ කියල. කවුද දන්නෙ නෑ මේක book කරල ආපු නැති මෝඩය. මහම මහ අපරාධයක්."
"එහෙම කියන්න එපා, මේ මගේ wifebook කරපු seat එක. මෙච්චර කල් තිබ්බ හැම world cup final එකක්ම බලන්න අපි ගියා. මේ පාරත් එහෙම බලන්න එන්නයි හිටියෙ. ඒත් එයා අන්ත්‍රා වුනා. අවුරුදු තිහක් අපි සතුටින්, ආදරයෙන් ජීවත් වුනා" වයසක මහත්මයා මහත් කණගා‍ටුවෙන් පැවසිය.
" අනේ මට සමාවෙන්න ඕන හිත රිදෙන දෙයක් කියවුනා නම්. ඒත් ඉතින් final match එකක seat එකක් කියන්නේ එසේ මෙසේ අවස්ථාවක්ද? මිස්ටට තිබ්බනෙ දුවෙක්, පුතෙක්, ඥාතියෙක්, අඩුම තරමෙ අසල්වාසියෙක් එක්ක හරි එන්න"

"කොහේ එන්නද? ඒ අය ඔක්කොම මල ගෙදර වැඩවල"

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...