Friday, July 8, 2011

උළුඳු වඩේ

මේ කතාව වෙලා තියෙන්නේ පුංචි හෝටලේක.

දවසක් යාලුවෝ දෙන්නෙක් හොඳටම බඩගිනි නිසා මොන හරි කන්න කියල ගියාලු හොටලෙකට. ගිහිල්ල කන්න මොන හරි ගෙනත් දෙන්න කියල හෝටලේ හිටපු වේටර් කෙනෙක්ට කිව්වලු. මිනිහත් ඉතින් ගිහින් තිබ්බ හැම short eat ජාතියක්ම ගේනවලු. යාලුවෝ දෙන්නත් ඉතින් බඩගිනි නිසා තිබ්බ කෑම ටික ඔක්කොම කනවා.

එක යාලුවෙක් ඉතින් උළුඳු වඩේ කනවලු. අනිත් යාලුවත් පරිප්පු වඩේ කනවලු. මෙහෙම කද්දි දෙවනි යාලුවට පරිප්පු වඩේ එකක තිබිල මවිල් ගහක් හම්බවුනලු. මේක ඉතින් යාලුවට පෙන්නලා දෙන්නම ගියාලු කෑම හදන එකා හොයාගෙන බනින්න කියල.

ගිහින් බලද්දි එක අතක් නැති මිනිහෙක් වඩේ හදනවලු. මිනිහ වඩේ එක අරන් පපුවේ තියල රෝල කරලලු වඩේ එකේ හැඩය ගන්නේ. යාලුවෝ දෙන්නට මේක දැකල වුනේ මොකක්ද කියල තේරුණා නිසා ඒ මිනිහ පව් නේ කියල වැඩියෙනුත් සල්ලි දීල ආවලු. එන ගමන එක යාලුවෙක් අනිත් යාලුවගෙන් අහනවලු 

"
මිනිහ සාමාන්‍ය වඩේ එක මෙහෙම හදනවා නම් උළුඳු වැඩේ එකේ හිල කොහොම හදනවද දන්නේ නැනේ" කියල.

2 comments:

  1. ඒක නම් මටත් හිතා ගන්න බෑ. කොහොමද දන්නේ නෑ හිල හදන්නේ නේ ද ?
    පට්ට කතාවක් නේ !!!

    ReplyDelete
  2. ඒක නේන්නං මචෝ. මටත් කිසිම idea එකක් නෑ. හික්ස්

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...